Colombo Today Local News

ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ.

සෑම වසරකම දෙසැම්බර් පළමු වැනි දින ලෝක ඒඩ්ස් දිනය සමරන අතර මෙවර එහි තේමාව වන්නේ “ගෝලීය සහයෝගීතාව සහ හවුල් වගකීම“යන්නය.

මේ වන විට මෙරට තුළ HIV ආසාදිතයින් 3600ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය දේශීය මාද්‍ය වෙත කරුනු දක්වමින් සඳහන් කළාය.

මෙරට තරුණ පරපුර තුළ HIV ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ඒ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය,

“ලෝක ඒඩ්ස් දිනයේ මෙවර තේමාව වෙලා තියෙන්නේ, ‘ගෝලීය සහයෝගීතාවය සහ හවුල් වගකීම‘.මේ තේමාව ඇත්තටම කොවිඩ් එක්ක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ලංකාවේ ගත්තහම HIV ආසාදිතයින් 3,600ක් ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. ඔවුන්ගෙන් 2,304ක් HIV තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඒ HIV ආසාදිතයින්ගෙන් 1,845ක් අපේ සායනවලින් HIV සඳහා ප්‍රතිකාර ලබාගන්නවා. මෙම HIV ආසාදිතයින්ගෙන් සියයට 12ක් විතර තරුණවියේ පසුවෙන අය. ඒ තරුණ වියේ අයගේ වාර්තා වීම එන්න එන්න පසුගිය වසරවල ටිකක් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා ලංකාවේ තේමාව ලෙස මෙවර ‘තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු HIV වළකමු’ කියලා.”

Related posts

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

පොලිසිය කීවත් ඉන්ටර්පෝල් රතු ලයිස්තුවේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ නම නෑ…

colombotoday

අයිස් තොගයක් සමඟ අංගොඩ කාන්තාවක් STF අත්අඩංගුවට

Admin

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin

ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් – රනිල් වික්‍රමසිංහ

colombotoday

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නංවාලීමට උතුර දකුණ කියා වෙනසක් නෑ-අගමැති

colombotoday