Colombo Today Local News

“අපේ සංහිඳියාව විවේචනය කරන අයට ඉස්සරහට අඬන්න වෙයි“ – ජනපති

mithrepala 23

සංහිදියාවේ සහ ජාතික සමගියේ අවශ්‍යතාව අඩු තක්සේරුවට ලක් කළ නොහැකි බවත්, රජයේ සංහිදියා වැඩපිළිවෙල විවේචනයට ලක් කරන අයට ඉදිරියේදී අඩන්නට සිදුවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ‘‘වින්ග්ස් 2016’’ කලා උළලේ සමාප්ති උත්සවයට ඊයේ පස්වරුවේ එක්වෙමින්.

“සංහිඳියාව පිළිබඳ කතාකරන විට ඇතැම් අය මේ සංහිඳියා වචනය අපහාසයට සහ උපහාසයට ලක්කරනවා. රජයේ සංහිඳියාව පිළිබඳව ජාතික වැඩසටහනක් ගෙනයන විට මම දැක්කා රජයට විරුද්ධව මත දරන අය ෆෙඩරල් සංහිඳියාව කියලා මෙය හඳුන්වන්නට පටන් අරගෙන තිබෙනවා. අපි ගෙනියන ජාතික සංහිඳියා වැඩපිළිවෙලට ෆෙඩරල් සංහිඳියාව කියා අපහාස සහ උපහාස කරනවානම් එසේ කරන අයට යම් කිසි දවසක නැවතත් හඬන්න වේවී කියා මා විශේෂයෙන්ම මතක් කරනවා. අපේ රටේ ඉදිරි අනාගතය සඳහා තිබෙන්නා වූ අභියෝග අප විසින් තේරුම් ගත යුතුයි. සංහිඳියාවේ සහ ජාතික සමගියේ ක්‍රියාශීලීත්වය සහ අවශ්‍යතාවය අඩුතක්සේරුවකට ලක්කිරීම ඛේදජනක දෙයක් විදිහටයි මම දකින්නේ” යැයි ජනාධිපතිවරයා පැවසීය

Related posts

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බැදුම්කර හොර ගැසට් එකට නම දැම්මාට මහින්ද නඩු යයි

colombotoday

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අයට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ඇතුළු වීම තහනම්

colombotoday

මහ බැංකුව කොල්ලකෑ අය සමෘද්ධියත් කොල්ල කන්න හදනවා…

colombotoday

මැදපෙරදිග දී වධහිංසාවට ලක් වූ 51ක් හිස් අතින් යළි දිවයිනට !

colombotoday