ආබාධිත රණවිරුවන් විසින් පසුගියදා සිදුකළ විරෝධතාවයේදී එල්ල වූ පොලිස් කදුළුගෑස් ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ යුද්ධයේදී එක් ඇසක පෙනීම අහිමිවූ රණවිරු මිහිරාජ්ගේ අනිත් ඇසෙත් පෙනීම අහිමි වී ඇති බව ඔහුගේ බිරිද පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ තමන්ගේද උකුල් ඇටය ශල්‍යකර්මයකට ලක් කර තිබීම හේතුවෙන් දරු තිදෙනෙකු නඩත්තු කිරීම දැන් ඉතා අසීරු වී ඇති බවයි.