Colombo Today Local News

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවා අවුරුදු 03ක් පරිවාස භාරයට

hack33

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් අතුළු වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිද පාසැල් සිසුවා වසර තුනක කාලයක් පරිවාස භාරයට පත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) නියෝග කළේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ අදාළ සිසුවා දෙමව්පියන් භාරයේ සිටියදීම පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත්කිරීමටයි.

පරිවාස නිලධාරීන් විසින් මේ සම්බන්ධ යෝජනාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඊට සිසුවාගේ දෙමව්පියන් කිසිදු විරෝධතාවක් නොදැක්වූ නිසා මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබාදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මේ පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවයි. ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට ඇතුළු වීමට මෙම සිසුවාට මාලදිවයින් ජාතිකයෙකුගේ සහාය ලැබී ඇති බවට විමර්ශනවලදී අනාවරණ වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියාසිටියේය.

Related posts

පාතාලය සහ මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ මෙහෙයුමක්

colombotoday

බහරේන් හි රැඳී සිටි ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

colombotoday

සුළු ආගමිකයින් සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන ආරක්ෂා කරනු – ඇමරිකාව ශ්‍රීලංකා රජයට දන්වයි

colombotoday

විමල් වීරවංශගේ බිරිඳ වසර 02ක් සිරගෙට

colombotoday

මද්‍රසා පාසලේදී අවි පුහුණුව දුන්නා. එම පාසලේ විදුහල්පති හිජාස් හිස්බුල්ලා යි. මුස්ලිම් දරුවන් දෙදෙනෙක් අධිකරණයේදී හෙළිකරයි

colombotoday

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday