පාක්ෂිකයින් රැස්විය යුත්තේ පක්ෂය සමග මිස ඒ ඒ පුද්ගලයින් මත නොවන බවත්,අද වනවිට පාක්ෂිකයින්ට අලුත් නායකත්වයක් යටතේ හිරිකිතයකින් තොරව එකතුවිය හැකි බවත් ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඊයේ (03)මහරගමින් ඇරඹුණු ශ්‍රීලනිප සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රීලනිප සාමාජිකයින් මිලියන 4ක් දක්වා වැඩිකිරීම අපේක්ෂාව බවත්, මීට පෙරාතුව ශ්‍රීලනිපයට වැඩිම පක්ෂ සාමාජිකත්වයක් එක්වූයේ 2013 වසරේ බව සිහිපත් කළ හෙතෙම මෙවර ඉලක්කයද සපුරාගත හැකිවෙනු ඇති බවට විශ්වාසය පළ කළේය.