World

සෞඛ්‍ය රෙගුලාසි නොතකා ජනතාව ඒකරාශී කල බ්‍රසීල ජනපතිට දඩ

කොවිඩ් වසංගතය මැද සෞඛ්‍ය රෙගුලාසි ගැන කිසිදු තැකීමක් නොකර ජනතාව ඒකරාශී කරමින්, ඔවුන්ගේ ජීවිත අනතුරේ දැමීමට කටයුතු කළැයි යන චෝදනාව සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති බොල්සනාරෝ හට දඩ නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන අතර ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව බ්‍රසීලයේ වෛරසය හේතුවෙන් පුද්ගලයින් 446,000 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

බ්‍රසීලයේ කොරෝනා වසංගතය දරුණු වූයේ බ්‍රසීල ජනාධිපතිවරයා කිසිදු තැකීමක් නොකළ නිසා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී‍.

කොරෝනා ව්‍යාප්තය මැද ජනපතිවරයාගේ මැදිහත්වීමෙන් මාරන්හාවෝ දිස්ත්‍රික්කයේ ජනතාව ඒකරාශී කිරීම ඔහුට එරෙහි චෝදනාව වන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දී තිබුණේ ජනාධිපතිවරයා ජනතාව ඒකරාශි කළේ සෞඛ්‍ය රෙගුලාසි සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොදක්වමින් බවයි.

මීට අමතරව කොවිඩ් වසංගතය හමුවේ රටේ සෞඛ්‍ය පහසුකම් නංවාලීමට හෝ නියමිත වේලාවට එන්නත් ලබා දීමට හෝ නොහැකි වූ බැවින් මිනිස් ජීවිත බිලි දුන්නා යැයිද බ්‍රසීල ජනපතිවරයාට සාපරාධී චෝදනා ද එල්ල වී තිබේ.

Related posts

අමුතුවට හැසිරෙනු බැටළු රංචුව ගංජා කිලෝ 100ක් කාලා

Admin

ISIS ත්‍රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයි

colombotoday

මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයින් ගණන 1,000 පනී

Admin

මවු කිරිවලිනුත් ප්ලාස්ටික් විෂ හමුවෙයි.

colombotoday

කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි. යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර.

colombotoday

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday