Colombo Today Local News

කළු දිලීර රෝගීන්ට කොවිඩ් ආසාදනය වෙලා නෑ.. පසෙහි අඩංගු දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු අයට – වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර

දැඩි කතාබහට ලක්වී තිබෙන ඉන්දියාවේ ඇතැම් කොවිඩ් රෝගීන්ට වැළඳී තිබෙන කළු දිලීර රෝගය පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මෙරට සෞඛය අංශ අදහස් පළකර තිබේ.

මේ සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වූයේ දිලීරය ආසාදිත රෝගියෙක් අම්පාර ප්‍රදේශයෙන් හමුවී තිබීමත් සමගය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය සඳහන් කරන්නේ එම රෝගයේ දත්ත අනුව මෙරටින් 2019 සිට කළු දිලීරය ආසාදිත පුද්ගලයින් හමුවී තිබෙන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.

ඒ අනුව ඇය සඳහන් කර තිබෙන්නේ “මියුකොමයිකොසිස්” නමින් හැඳින්වෙන එම රෝගය 2019 වසරේදී රෝගීන් 42ක් වාර්තා වී තිබෙන බවත්,2020දී 24 දෙනෙකුත් 2021 මේ දක්වා කළු දිලීර රෝගීන් 24 දෙනෙකුත් වාර්තා වී තිබෙන බවත්ය.

දිලීරය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බවත්, එම දිලීරය අපේ රටෙහි පස් වල තිබෙන බව මෙන්ම ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්ට එය වැළඳිය හැකි බවත් සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය,

“ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ට වැළඳුණු මේ කළු දිලීරය ගැන අපේ සමාජයේ කථා වෙනවා. මියුකොමයිකොසිස් කියලා අපි මේකට කියනවා. ඒ දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. අපිට 2019 වසරේදී කළු දිලීර රෝගීන් 42ක් වාර්තා වෙලා තියෙනවා. 2020දී 24 දෙනෙකුත් 2021 මේ දක්වා කළු දිලීර රෝගීන් 24 දෙනෙකුත් වාර්තා වෙලා තිබෙනවා. නමුත් මේ කිසිම රෝගියෙකුට කොවිඩ් -19 ආසාදනය වෙලා නැහැ. මෙතෙක් මෙරටින් කොවිඩ් -19 රෝගීන්ට මියුකොමයිකොසිස් ආසාදනය වෙලා ඇති බවක් අපිට වාර්තා වෙලා නැහැ. ඒ දිලීරය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙයි. එය වර්ධනය අවශ්‍ය සියලු පරිසර සාධක අපේ රටේ තිබෙනවා. එම දිලීරය අපේ පස් වල තිබෙනවා. එම දිලීර රෝගය හැදෙන්නේ ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන්ට.”

Related posts

ඓතිහාසික සිද්ධස්ථානයක් වන ක්‍රිකට් මධ්‍යස්ථානයටත් අපි එන්න ඕන – සීලරතන හිමි ක්‍රිකට් නිලවරණයට

colombotoday

CID ආ ශානි මාධ්‍ යෙන් කට්ටි පනී !

colombotoday

අනුන්ගේ පොත් හොරට මුද්‍රණය කර විකුණා මාට්ටු.. සන්නස්ගලට සිතාසි

colombotoday

චීනය පැය 48න් රෝහලක් හදද්දී අපේ හමුදාවත් පැය 48න් දියතලාවේ රෝහලක් හදයි !

colombotoday

ඇමතිකම නමට විතරයි – රනිල් සහ රවී සමග කබීර් හෂීම් ගැටෙයි

colombotoday

පක්ෂයේ තීන්දු ගන්නේ සමනළ රෑනක්.. එජාපය සමලිංගිකයන්ගෙන් බේරාගත යුතුයි – හිටපු ඇමති විජේදාස

colombotoday