Colombo Today Local News

කපා දැමූ විශ්‍රාම වැටුප තවම නෑ.. දෑස් දෙපා අහිමි රණවිරුවන් මාරාන්තික උපවාසයක් අරඹයි

සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා අඛණ්ඩ විරෝධතාවයේ නිරතව සිටින ආබාධිත රණවිරුවෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

සේවා කාලය වසර 12කට අඩු විශ්‍රාමික ආබාධිත රණවිරුවන් තමන්ට සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය 31 වනදා සිට කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවයේ නිරතව සිටියි.

සිය ඉල්ලීම සඳහා පිළිගත හැකි විසඳුමක් ලබා දෙන තුරු සිය විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ‘රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය‘ සඳහන් කළේය.

ඒ අනුව විරෝධතාවයට සමගාමීව දෑස් සහ දෙඅත් අහිමි ආබාධිත රණවිරුවෙකු අද(03) දහවල් සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව එම සංවිධානයේ සභාපති යූ.බී වසන්ත මහතා කියා සිටියේය.

Related posts

ජීවිත තුනකට ජීවය දී හදවත, වකුගඩු පූජාකර මෙලොවින් සමුගත් ප්‍රදීප්ගේ කතාව !

colombotoday

මාස් පතා සහල් ටොන් ලක්ෂය බැගින් රටින් ගෙන්වීමට අගමැති කමිටුව තීරණය කරයි !

colombotoday

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

Admin

මහරගමත් හර්තාල්..’වැට් අඩු කරනු’ ව්‍යාපාරිකයෝ වෙළදසැල් වසා මහමග විරෝධයේ !

colombotoday

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි CID ය‌ට

colombotoday

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

colombotoday