සියලු ජාතික සංවිධාන එකමුතුව පිහිටුවන ලද ශාසනාරක්ෂක සභාව නැගනහිර බොදු උරුමය සුරැකීම වෙනුවෙන් දෙසැ 3වන සෙනසුරාදා මඩකලපුව මංගලාරාමය වෙත පැමිණෙන බව වාර්තා වෙනවා. ඒ පසුගිය 19 වනදා මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි මහනුවරදී සිදුකල ආරාධනයකට අනුවයි.
කෙසේ වෙතත් ජාතික සංවිධාන කඩා බිද දැමීම සදහා එදා සිට ක්‍රියාකළ කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් 3 වනදා ගමන කඩාකප්පල් කිරීම සදහා කුමන්ත්රණයක නියැලෙමින් සිටින බව සංවිධායකයින් ප්‍රකාශ කර සිටිනවා. ශාසනාරක්ෂක සභාව 3 වනදා මඩකලපුවට නොඑන බව පවසමින් බොරු ප්රචාරක ව්‍යාපාරයක් ඊයේ රාත්‍රියේ සිට මොවුන් ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.
විමසීම්: 076 688 0030 – බොදු බල සේනා, 0777 114 017 – සිංහලේ අපි, 0777 214 261- මහසෝන් බලකාය