Colombo Today Local News

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජකයින් හා කැබිනට් අනු කමිටුව සමග අද(13) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබුණු අතර එහිදී තම වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධ නිර්දේශ එළැඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවට අදාළ කමිටුව දුන් පොරොන්දුවත් සමග තම වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කළ බවත් මේ මොහොතේ සිට සියලු දුම්රිය සේවකයින් සේවයට වාර්තා කරන බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව අද දිනයේ සේවකයින් සේවයට වාර්තා කළ පසු හෙට(14) උදෑසන වනවිට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

පාස්කු කොමිසමේ වැඩපිළිවෙළ ගැන සතුටුයි – කොළඹ අගරදගුරු

colombotoday

සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර ඇමතිගෙන් උපදෙස්

colombotoday

ජනතාව ඉදිරියට යන්න ආණ්ඩුව බයයි..

colombotoday

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

Admin

වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නැහැ – ලාෆ්ස් ගෑස් සමාගම කියයි

Admin

රජයේ දොස්තර සංගමයෙන් අගමැතිට දොස්… විරෝධය පා පෙත්සමක් අත්සත් කිරීමට සැරසේ

colombotoday