යාපහුව ආසනයේ මහෝ විවිධ සේවා සමුපකාර සමිතියේ නිලවරණයෙන් ආසන 74ක් ලබා ජයගැනීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිළ සමත්වී ඇත. එජාපයට ආසන 14ක් ලැබී ඇති අතර ශ්‍රීලනිපය නියෝජනය කළ පිළට කිසිදු ආසනයක් දිනාගත නොහැකි විය.
ආනමඩුව නවගත්තේගම විවිධ සේවා සමුපකාර සමිතිය වෙනුවෙන් පැවති නිලවරණයේදීද ඒකාබද්ද විපක්‍ෂ පිල ආසන 58 දින් ජයගත් අතර එක්සත් ජාතික පක්‍ෂ පිල ආසන 32 දිනා ගත්තේය. ශ‍්‍රීලනිපයට කිසිදු ආසනයක් හිමිවී නැත.