Colombo Today Local News

ප්‍රචන්ඩ රැල්ල නොනවතී.. “ආවා“ට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් !

awaa-jaffna

ආවා පාතාල කල්ලියට අමතරව උතුරේ තවත් පාතාල කල්ලි 5ක් ක්‍රියාත්ක වන බව ආරක්ෂක අංශ පවසයි.

නිමලන්, ජූඩ්, දිල්ලූ, පහීන්ල, සන්නා යනුවෙන් එම කල්ලි ක්‍රියාත්මක වන අතර “ආවා“ කල්ලිය මෙහෙයවන්නේ විනෝදන් නමැත්තෙකු බවට හදුනාගෙන තිබේ.

2013 වසරේ නිවසකට කඩාවැදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදීමේ චෝදනා මත ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවද අනාවරණ වී ඇත.

2009 වසරේ යුද්ධය නිමා වීමෙන් පසුව උතුරු පළාත තුළ පාතාල කල්ලි මෙලෙස හිසඑසවීමට පටන්ගෙන ඇති අතර දකුණු ඉන්දීය චිත්‍රපටවල ආභාෂය ද මීට බලපා ඇති බව ආරක්ෂක අංශ පවසයි.

යුද්ධයෙන් පසු උතුරු පළාතේ මූල්‍ය ආයතන රැසක් පිහිටුවා තිබේ. එම මූල්‍ය ආයතන මගින් ලබාදෙන ණය පහසුකම් මත වාහන මිලදී ගෙන අදාළ ණය ගෙවීම් පැහැරහරින පුද්ගලයින්ගෙන් එම වාහන බලහත්කාරයෙන් රැගෙන ඒමට මෙම පාතාල කල්ලි යොදාගෙන ඇති බවද අනාවරණ වී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

මේ අතර යාපනයේ ඇතිව තිබෙන ප්‍රචන්ඩකාරී රැල්ල මේ වනවිටත් නැවතී නොමැති බව උතුරේ ආරංචි මාර්ග පවසයි. ඊයේ දිනයේදී යාපනය කරෙයිනගර්හි අනායිකොට්ටායි හි දී හදුනානොගත් පිරිමි කණ්ඩායමක් යතුරුපැදි කිහිපයකින් පැමිණ සමාජ ශාලාවල සිටි තරුණ පිරිසකට පහරදී ඔවුන්ගේ යතුරුපැදිවලට හානි කර ඇතැයි පොලිසිය කියයි. ප්‍රහාරයෙන් තරුණයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මේ අතර ගුරුනගර්හි දී බස් රියකට ගල් ප්‍රහාර එල්ල වී ඇතැයිද පොලිසිය කියයි.

Related posts

එංගලන්තයට පැමිණෙන විට නිරෝධායන ක්‍රියාවලිය අවශ්‍ය නොවන ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ඉතිහාසයේ මුල්වරට කතානායක පුටුව පෙරළි බිම වැටෙයි.. ආණ්ඩුවට අසුභ නිමිත්තක් !!

colombotoday

සතියකට සැරයක් දහ අට සන්නිය පෙන්වනවා

Admin

රාජිතව මරන්න එනවා කියන අය ගැන බුද්ධි අංශවලට වාර්තා වී නෑ… ඉල්ලුවානම් අමතර ආරක්ෂාවක් දෙනවා

colombotoday

හෙට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Admin