මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ විමර්ෂණය කරනු ලැබූ කෝප් කමිටු වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම වාර්තාව වෙනුවට වෙනත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට කෝප් කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දැඩි උත්සාහයක නිරත වූ අතර ආරංචි මාර්ග පවසන්නේ, අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවේ ඇතැම් නිර්දේශයන්ට එජාප නියෝජිතයන් විසින් විරෝය පලකර ඒ බව සටහන් කර අති බවයි.