මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මීට සුළු මොහොතකට පෙර රටින් පිටව ගොස් ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (27) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
එසේ පැන ගොස් ඇත්තේ පොඩි සතෙක් නොව මෝරකු බවත් ඔහු කීවේය.
අද පස්වරු 3.12ට එමිරේට්ස් ගුවන් යානයකින් අර්ජුන් මහෙන්ද්‍රන් සිංගප්පූරුව බලා ගිය බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.