මේ දින වල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවේන් යාපනය ප්රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
තයිපොංගල් උත්සවය හේතුවෙන් මුරුංගාවලට ඇති විශාල ඉල්ලුම මෙම අධික මිල ගණන් ඉහල යාමට හේතුව ලෙස වෙළදුන් පවසයි.
මුරුංගා කිලෝවක තොග මිල සටහන් වී ඇත්තේ රුපියල් 2500ක් වැනි මුදලකටය.