Colombo Today Local News

හෝමාගම කර්මාන්ත ශාලාවේ දුමාරයෙන් ජනතාවට ස්වසන අපහසුතා

හෝමාගම කර්මාන්ත ශාලාවක භූගත වායු ටැංකියකට හානි සිදුවීමෙන් පිටවූ දුමාරයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ශ්වසන අපහසුතා ඇතිවූ බව වාර්තා වේ.

කර්මාන්තශාලාවට පිවිසෙන මාර්ග ද පොලීසිය වසාදැමීමට කටයුතු කර ඇති අතර ගිනිනිවීමේ රථ සහ ගිලන් රථ සේවාද සූදානම් කර ස්ථානගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

හෝමාගම පිහිටි මෙම කර්මාන්තශාලා පරිශ්‍රයෙන් මේ ආකාරයෙන් සුදු පැහැති දුමාරයක් පිටවන්නේ අද (08) අලුයම් කාලයේ සිටය.

කර්මාන්තශාලාවේ පිහිටි භූගත ටැංකියකට සිදුවූ හානියක් හේතුවෙන් ඉන් පිටවූ වායුවක ඇතිවූ රසායනියක ප්‍රතික්‍රියාවක ප්‍රතිළුලයක් ලෙස මෙම වායුව හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.

දුමාරය පැතිරීම ආරම්භ වූ පසු ප්‍රදේශයේ ජනතාවට හුස්ම ගැනීමට සුළු අපහසු තත්ත්වයක් හටගෙන තිබූ අතර ඔවුන් පොලීසිය දැනුම්වත් කර ඇත.

එහිදී පොලීසිය ඔවුන්ට මුව ආවරණ පැලඳීමට ද උපදෙස් ලබාදී තිබේ.

මෙම කර්මාන්තශාලාව ඉකුත් වසරේ අගෝස්තු මස 17වනදා ගිනි ගැනීමකට ලක්වූ අතර එහිදී රසායන ද්‍රව්‍ය කර්මාන්තශාලාව පුරා පැතිර තිබූ අතර ඒවා යළි නිසි ක්‍රමවේදයකට බැහැර කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණි.

පසුව මධ්‍යම පරිසර අධිකාරියෙන් පවසා ඇත්තේ ඒවා ඔවුන් පැමිණ නිසිඅයුරින් බැහැර කිරීම සිදුකරන තෙක් නිසි අයුරින් ගබඩා කර තබන ලෙසය.

එහිදී කර්මාන්තශාලා සේවකයින් මෙම රසායන ද්‍රව්‍ය භූගත ටැංකිවල ගබඩා කිරීමට කටයුතු කර ඇත.

ඉදිකිරීම් කටයුත්ත අතරතුර හානි සිදුව ඇත්තේ එලෙස රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබූ භූගත ටැංකියකටය.

ඉන් පිටවූ වායුව ඊයේ (07)දින පැවති අධික වර්ෂාව අතරතුරදී වූ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැකපළකරයි.

කෙසේ වෙතත් ඔවුන් කියා සිටින්නේ මේ වන විට තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවයි.

Related posts

කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක්… – විපක්ෂ නායක විමර්ශනයක් ඉල්ලයි

Admin

එජාපයේ 6ක් අද නියෝජ්‍ය ඇමති ධුරවල දිවුරුම් දෙයි

colombotoday

අගවිනිසුරු විශ්‍රාම යයි… නව අගවිනිසුරු පත් කිරීම අද දහවල්…

colombotoday

‘අගමැති කාලගුණ අනාවැකි නොපිළිගන්නවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුයි‘ – අනුර යාපා

colombotoday

රාජිතගේ ඇප නියෝගයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම් විභාගය කල් යයි

colombotoday

2023 සිට විදේශ ගමන් බලපත්‍රය ලබා දීම මාර්ගගත ක්‍රමයට

Admin