වැට් බද්ද 15% දක්වා ඉහළ නැංවීමට ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවූ අතර එය අද දිනයේ සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
භාණ්ඩ හා සේවා 80කට වැඩි ප්‍රමාණයක් නව මෙම බදු සංශෝධනයෙන් නිදහස් කර ඇති අතර දුරකතන, තැපැල් ගාස්තු ආදියට මෙම බද්ද ඇතුලත් වෙයි.
දුරකතන සේවා සදහා අලූතෙන්ම එකතුවන 15%ක වැට් බද්ද නිසා දුරකතන ගාස්තුවලින් 48%ක් පමණ බදු ලෙස ගෙවීමට සිදු වෙයි.