Colombo Today Local News

පොලීසිය වෙඩිතැබුවේ පිටුපසින්නම් ඉදිරිපස සිටි අයට වෙඩි වැදුණේ කොහොමද? – සම්බන්ධන්

r sambandan

පසුගිය 20 වැනිදා යාපනයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සරසවි සිසුන් දෙදෙනා පොලිස් අණ නොතකා පලායද්දී පොලීසිය පිටුපසින් සිට වෙඩි තැබුවා නම් යතුරුපැදියේ ඉදිරිපස ගිය තරුණයාට වෙඩි වැදුණේ කෙසේදැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රශ්න කරයි.

ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයක් කරමින් එසේ ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මෙසේ අදහස් දැක්වීය.

“පොලීසිය මුලින් කීවේ මේ තරුණයින් දෙන්නා අනතුරකින් මියගිය බවයි. ඊට පසුව වෙඩි වැදීමකින් මරණය සිදුවූ බව හෙළිවුණා. මේ යතුරුපැදියේ ඉදිරිපස ගිය තරුණයා මියගොස් තියෙන්නේ වෙඩි පහරකින්. පසුපස ගිය තරුණයා මියගොස් තියෙන්නේ අනතුරකින්.

මේ දෙන්නා මාර්ග බාධකයේදී අණ නොතකා යතුරුපැදිය පැදවූ නිසා වෙඩි තැබූ බව පොලීසිය පසුව කිව්වා. මේ අසාධාරණ, නීත්‍යානුකූල නොවන ප්‍රකාශය අපි දැඩිසේ හෙළා දකිනවා. මේ ගැන වහා අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි. වරදකරුවන්ට දඬුවම් කළ යුතුයි.

මෙයින් පැහැදිලි වෙනවා මේ වෙඩි තැබීම කරලා තියෙන්නේ ඉදිරියේ සිට කියලා. අණ නොතකා යද්දී පිටුපස සිට වෙඩි තැබුවා නම් ඉදිරිපස ගිය අයට වෙඩි වැදුණේ කොහොමද? මේ වැරදිකරුවන්ට දඬුවම් දීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය මොකක්ද?.”

Related posts

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට උපදේශක කමිටුවක් පත් කරයි

colombotoday

ධර්මිෂ්ඨ සමාජයක්‌ ගොඩනඟනවා යෑයි බොරු කියා බලය ගත්තා – බෙල්ලන්විල හිමි

colombotoday

සජිත්ගේ අලුත් සන්ධානය ‘ජාතික සමගි බලවේගය‘… ලකුණ හදවත…

colombotoday

වර්ජන මඩින්න, ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙන්වන්න යයි..

colombotoday

“ඥානසාර හිමි නිදහස් කරනු” කැලණියේ පැවති පාගමන සහ සත්‍යක්‍රියාව : Photos

colombotoday

පුරවැසිභාවය නැති ඩයනාට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි

Admin