Colombo Today Local News

දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

මාස 6ත් 9ත් අතර වයස්වල පසුවන දරුවන් සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ, ලබන 06 වන දින තෝරාගත් දිස්ත්‍රික් 9ක් ආවරණය වන පරිදි එම වැඩසටහන ආරම්භ කරන බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ,

“කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතර, ගාල්ල, කල්මුණේ කියන ප්‍රදේශ 09 මූලික කරගෙන මෙම එන්නත් වැඩසටහන දියත් කෙරෙනවා. අඩු වයසේ දරුවෙකුට සරම්ප හැදුණොත් දිගුකාලීන සංකූලතාවලට යන්න පුළුවන්. මේක අමතර එන්නත් මාත්‍රාවක්. වයස සම්පූර්ණ වෙනකොට නියමිත එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි.”

Related posts

ව්‍යවස්ථාව ගැන මා සමග විවාදයකට එනු.. අනුරගෙන් මහින්දට අභියෝගයක් !

colombotoday

“වනජීවී නිලධාරින්ට කුඩම්මාගේ සැලකිල්ල” ජූලි 17 සහ 18 දීප ව්‍යාප්ත වර්ජනයකට සූදානම් වෙයි

colombotoday

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

Admin

නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස් වෙයි…!

colombotoday

බෝම්බයක් සමග කාන්තාවක් දෙල්ගොඩදී අල්ලයි

colombotoday

බෑණාගේ සමාගම යළිත් බැදුම්කර වෙන්දේසියේ

colombotoday