Colombo Today Local News

කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටු

ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර්සලයක තිබී නීති විරෝධීව රට තුළට ගෙන ඒමට උත්සාහ කළ රුපියල් කෝටි 6කට අධික වටිනාකමින් යුත් හෂීෂ් වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.091ක් ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

සීදූව ප්‍රදේශයේ පිහිටි කාගෝ ගමන් බඩු නිශ්කාෂන ආයතනයකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවත් ආහාර ද්‍රව්‍ය අඩංගු යැයි රේගුවට ප්‍රකාශ කර තිබූ පාර්සලයක සඟවා මෙම හෂීශ් තොගය ගෙවිත් තිබූ බවත් ඒ මහතා කීය.

අදාල පාර්සලය රේගුවෙන් නිශ්කාශනය කර ගැනීමට පැමිණි නියෝජිතයා අඩංගුවට ගත් බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

කිරිපිටි මිල පහලට

Admin

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි…

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුව කනිෂ්ඨ නීතිඥවරකුට තර්ජනය කරලා.

colombotoday

මානව හිමිකම් කොමසාරිස්ට විරෝධය පා කොළඹ UN කාර්යාලය වටලා උද්ඝෝෂණ

colombotoday

හෝමාගම සිසුවෙකුට කොරෝනා සියල්ල නිරෝදායනයට කොරෝනා පරීක්ෂණ 65ක් අවසන්

colombotoday

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

colombotoday