Colombo Today Local News

රන්දිය උයන නිවාස සංකීර්ණය අසල වෙඩිතැබීමෙන් බඩා රංජි මරුට

මෝදර, රන්දිය උයන නිවාස සංකීර්ණය අසල වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ සෙන්දිල් ආරුමුගම් දුෂ්‍යන්ත් හෙවත් ‘බඩා රංජි’ නමැත්තෙකු බවට අනාවරණය වී තිබේ.

ඔහු ‘පූකුඩුකන්නා’ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මුදල් පරිපාලක ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් ඊයේ රාත්‍රී 8.30ට පමණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.

ඔහුගේ පපු ප්‍රදේශයට සහ වම් අතට වෙඩි වැදීමෙන් තුවාල සිදුව තිබූ අතර ප්‍රතිවිරුද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කල්ලියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ගනී

Admin

රුපියල කඩා වැටෙයි…

Admin

බැසිල්ගේ ඔරුතොට ඉඩම විකුණනවාට එරෙහිව තහනම් නියෝගයක්

colombotoday

ගෝනපොලදී අයිස් සමග කාන්තාවක් STF අත්අඩංගුවට

colombotoday

මෙරට ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය අද විවෘත කෙරේ

colombotoday

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන්, ලොක්කන් තිදෙනෙකුගේ වසරක වැටුප ඩොලර් මිලියනයයි

colombotoday