Colombo Today Local News

සුරා බදු බලපත්‍ර ගාස්තු ඉහළ දැම්මාට විරෝධයක්

සුරා බදු බලපත්‍ර ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මත්පැන් නිෂ්පාදන ආයතන රැසක් රජයටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයාටත් දැඩි විරෝධය පළ කර තිබේ.

මත්පැන් නිෂ්පාදනය අඩු වී ඇති අවස්ථාවක මෙලෙස බලපත්‍ර ගාස්තු මුදල් වැඩි කිරීමෙන් ආයතන පවත්වාගෙන යෑම ගැටළුවක් බව එම මත්පැන් නිෂ්පාදන ආයතන හිමිකරුවෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරයා දිවයිනට පැමිණි වහා ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ලබන ජනවාරි මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇත. මේ අනුව ස්කාරකාර බලපත්‍ර ගාස්තුව රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් වනු ඇත.

එම ගාස්තුව මීට පෙර පැවතුණේ ලක්ෂ දහයක් වශයෙනි.

Related posts

ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට

colombotoday

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID නොයයි…

colombotoday

බස්නාහිර පළාතේ පාසල් විවෘත වන දිනයන් නිවේදනය කෙරේ

colombotoday

“දොස්තර ළමයි විතරද ළමයි.. අපේ ළමයින්ටත් සුපිරි පාසල් ඕනෑ“ අධ්‍යාපන සේවකයෝත් සටන බහී

colombotoday

රිෂාඩ් බදියුදීන් කටඋත්තර දීමට පාස්කු කොමිසමට

colombotoday