Colombo Today Local News

ඔන්ලයින් ණය දුන් චීනුන් ගේ මධ්‍යස්ථානයක් වටලයි

ඔන්ලයින් හරහා ණය ලබාදී එම ණය ගෙවීමට අපහසු වන විට සේවාදායකයාගේ දුරකතන තොරතුරු හොරන් ලබාගෙන වට්ස්ඇප් හරහා අපහාස වන තොරතුරු පළ කල චීන ජාතිකයන් 5දෙනකු සහ දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

සැකකරුවන් විසින් දෙහිවල ප්‍රදේශයෙන් ඔන්ලයින් මාර්ගයෙන් ණය දෙන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි කාර්යාලයේ තිබූ පරිගණක 8ක්, ලැප්ටොප් 13ක්, ජංගම දුරකතන 49ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් 3තිදෙනකු, පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ එක් ලාංකිකයෙකු සිටින බව පොලිසිය සඳහන් කරයි.

Related posts

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin

ලේ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

colombotoday

පළමු ඩිජිටල් උප්පැන්නය නිකුත් කෙරේ….

Admin

ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික හා බහු භාෂික රටක් – ඇමති මංගල ඇමරිකන් ලොක්කා හමුවී කියයි

colombotoday

ධනුෂ්ක ගුණතිලකට ඩවුනින් මධ්‍යම අධිකරණයේදී ඇප ලැබෙයි

Admin

මෛත්‍රීගේ තීරණයට චන්ද්‍රිකා එරෙහි වෙයි… රැස්වීමෙන් නැගිට යන්න යයි…

colombotoday