වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය.
ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය පරිපාලන සේවයේ කටයුතු කළ ප්‍රවීණ නිලධාරියෙකි.
මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසුවිය.
ඔහු කලක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලෙසත් කටයුතු කර තිබේ.