වැලිකන්ද කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 05 දෙනකු ඊයේ රාත්‍රියේ එම කඳවුරෙන් පලාගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය පවසයි.
මොවුන්ගෙන් දෙදෙනකු පුලස්තිපුර පොලීසියෙ පොලොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සෙසු තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුමක් ආරමභ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
පසුගිය වසරේ දෙසැම්බර් මස 11දින රැඳවියන් 100කට වැඩි පිරිසක් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටියදී ඔවුන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.