Colombo Today Local News

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්න

උඩුදුම්බර සහ අයගම යන ප්‍රදේශවලදී ක්‍රෙඩිට් කාඩ්පත් සොරාගැනීමේ සිද්ධි දෙකක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

සිදුකරන ලද පැමිණිලි අනුව එම විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.

උඩුදුම්බර ප්‍රදේශයේ සොරාගත් ක්‍රෙඩිට් කාඩ්පතෙන් රුපියල් 825,000ක මුදලක් සහ අයගම ප්‍රදේශයෙන් සොයාරාගත් ක්‍රෙඩිට් කාඩ්පතෙන් රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම ක්‍රෙඩිට් කාඩ්පත් සමග අදාළ රහස්‍ය අංකය ද තබා ගැනීම හේතුවෙන් සොරාගත් සැකකරුවන් විසින් අදාළ මුදල් ලබාගෙන ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ් අනුව ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඒ් සමග අදාළ රහස්‍ය අංකය ද තබා ගැනීමෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් ජනතාවට අවධාරණය කරයි.

Related posts

සජිත්ට දිවුරුම් දෙන්න විතරයි තියෙන්නේ

Admin

කඩඉම් ලකුණු වලට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

colombotoday

රාජ්‍ය සේවකයන් FB ගියොත් ස්මාට් ෆෝන් භාවිත කලොත් වැඩ තහනම් – මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් තද තීරණයක්

colombotoday

ඇමති මණ්ඩලේ තවත් බරවෙයි… ප්‍රියංකර ජයරත්න අලුත් ඇමති ධුරයක අද දිවුරයි

colombotoday

උපාධිධාරීන් 5000ක් රාජ්‍ය සේවයට බදවා ගැනී… කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

කොළඹ කසල අර්බුදයක්

Admin