ඉන්දියාවේ මුම්බායි නගරයේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.
එම ගින්න අද (23)දින උදෑසන ඇති වී තිබෙන අතර ඉන් බේරාගත් සිව් දෙනෙක් වෙනත් රෝහලක් කරා යැවූ බව බලධාරීන් පවසයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ එම රෝහලේ රෝගීන් 90කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.