Colombo Today Local News

‘ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි’ ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි

ඉන්දියාව සමඟ ගැටුමක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී කිරීමට සැලසුම් කර තිබූ කතාව නැවැත්වීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

චීනයේ ණය උගුලක සිරවෙමින් සිටින මොහොතක, ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි බැවින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී කිරීමට නියමිතව තිබූ කතාව නැවැත්වීමට පියවර ගත් බව එම පුවත් වාර්තාවේ සඳහන් ය.

‘ඉන්දියාව සමඟ ගැටුමක් ඇති වීම නැවැත්වීමට ශ්‍රී ලංකාව, ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තුව කතාව නවත්වයි’ යන අරුත් දෙන සිරස්තලය යටතේ දාර් ජාවේද් ‘කලම්බු ගැසට්’ වෙබ් අඩවියේ පළ කළ ලිපියක් උපුටා දක්වමින් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වෙබ් අඩවිය ඒ බව වාර්තා කර ඇත.

‘කොවිඩ්-19’ එන්නත් බෙදාහරිමින් ඉන්දියාව මේ අවස්ථාවේ ලෝකය බේරාගනිමින් සිටින බව ද එම පුවත් වාර්තාවේ සඳහන් ය.

ඉන්දියාව මෑතකදී ශ්‍රී ලංකාවට ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා ලක්ෂ පහක් පරිත්‍යාග කළ බව ද එහි සඳහන් ය.

පසුගිය මාස කිහිපයේදී ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධී ප්‍රවණතාවක් ගොඩනැගුණු බවත් මුස්ලිම් දේවස්ථානවල සතුන් බිලිදීම සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව විරෝධය පළ කළ බවත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වාර්තාවේ දැක් වේ.

ඉම්රාන් ඛාන් ඉකුත් වසරේදී ඇෆ්ගනිස්තානයේ දී භාවිත කළ අයුරින් ශ්‍රී ලංකා සංචාරයේදී මුස්ලිම් යන්න සාධකයක් ලෙස භාවිත කරනු ඇතැයි ද එහි සඳහන් ය.

ත්‍රස්ත ක්‍රියා, ඉස්ලාමීය නීතියෙන් සාධාරණීය කරන ලද ‘ශුද්ධ යුද්ධය’ යැයි පවසමින් ඉම්රාන් ඛාන් 2012 වසරේ දී තලේබාන් සංවිධානයට සහාය දැක්වූ බව ද ජාවේද් සිය ලිපියේ සඳහන් කර ඇත.

ඉම්රාන් ඛාන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී ද මුස්ලිම් සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ අතර එය විවිධ රටවල අභ්‍යන්තර කටයුතුවල මැදිහත් වීමට හේතුවක් කරගෙන ඇතැයි ද එහිදි කීය.

ඉස්ලාමීය රැඩිකල්වාදියකු විසින් ගුරුවරයකු ඝාතනය කරනු ලැබීමත් සමඟ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කළ ප්‍රකාශයට මුස්ලිම් බහුතරයක් සිටින රටවල් විරෝධය පළ කළ යුතු යැයි ද ඉම්රාන් ඛාන් පසුගිය වසරේ දී ප්‍රකාශ කළේය.

මුස්ලිම් නොවන රටවල තිබෙන මුස්ලිම්-භීතිකාව වර්ධනය වෙමින් තිබෙන බවත් එය පාලනය කිරීම සඳහා පියවර ගත යුතු බවත් පවසමින් ඉම්රාන් ඛාන් පසුගිය වසරේ දී මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලට ලිපියක් ලියූ බව ද ජාවේද් සිය ලිපියේ සඳහන් කර ඇත.

පසුගිය සිදුවීම් දෙස බැලීමේදී ඉම්රාන් ඛාන් ට පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වීමට අවස්ථාව දීම දැඩි අවදානමක් යැයි ද හෙතෙම පෙන්වා දී ඇත.

(‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ ඇසුරිනි)

Related posts

“විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා” – විද්‍යා ඝාතන සැකකරු අධිකරණයේදී සාක්ෂි දෙයි

colombotoday

දෙහිවල හෝටලයක තවත් පිපුරුමක්

colombotoday

උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීමට තවත් ගැටළුක් – විභාග දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ට කෝටි 250 පොල්ලක්

Admin

කන්දකැටියේ නිවසකින් පුපුරණ දව්‍ය හා උපකරණ සොයා ගනී

Admin

අන්තරේ ජජුර සරසවියේ යකා නටයි.. පිරිත් පිංකම කඩාකප්පල් කර විද්‍යාපීඨ සිසුන්ට පහර දෙයි

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මූතූර්හීදී අයෙක් අල්ලයි

colombotoday