Colombo Today Local News

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

මගී ගුවන් යානා සදහා පනවා තිබූ තහනම අවසන් කිරීමෙන් පසුව, අද උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට, මගී ගුවන් යානා 29 කින් ගුවන් මගීන් 2,068 දෙනකුට මෙරටට පැමිණ ඇතැයි තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා සදහන් කරයි.

සෞදි අරාබියේ රියාද් සිට 103 දෙනකු ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට 135 දෙනකු ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 116 දෙනකු ද මෙසේ පැමිණ ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 69 දෙනකු ද මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණ ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. .

මෙසේ පැමිණි සියලුම ගුවන් මගීන් දින 14 ක කාළයක් නීරෝධායනය සදහා යොමු කරන අතර, මොවුන් පී.සී.ආර්.පරීක්ෂණ 02 කට ද සහභාගී විය යුතුය.

මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 963 දෙනකු, ගුවන් යානා 11 කින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි.

Related posts

පළමු ප්‍රතිපලයෙන් ගෝඨාට ජය

colombotoday

සමරිසි ප්‍රජාවට ඡන්දේ දාන්න වෙනම පෝලිමක්

Admin

තිබූ සංහිදියාවත් නැති කරන, චන්ද්‍රිකාගේ සංහිදියා බළකායේ අරුම පුදුම උමතු නිර්දේශ..

colombotoday

වත්මන් කණ්ඩායමට රට වෙනුවෙන් ජයග්‍රහණයන් ලැබීමේ ආකල්පය නැහැ

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල යළි ඉහළට

Admin

“විනිසුරුවන් දුෂිතයි කිවුවේ අධිකරණ විනිසුරුවන් ගැන නෙවෙයි ක්‍රිකට් විනිසුරුවන් ගැනයි – රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයේදී සාක්ෂි දෙයි

colombotoday