Colombo Today Local News

කාලි ආරූඪ වී වෛද්‍යවරයෙකුට පහර දුන් ධම්මික බණ්ඩාරට පොලිසියේදී සිදු වූ දේ

පේරාදෙණිය මහ රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කොරෝනා මර්දන පැණියක් නිෂ්පාදනය කළේ යැයි කියූ ධම්මික බණ්ඩාර නැමැත්තා ඊයේ (23)දින වරකපොල පොලිසියේ දී එම පහරදීම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාට සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව, එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පැමිණිලිකාර පාර්ශවය සහ ධම්මික බණ්ඩාර නැමැත්තා පොලිසියට කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවය ම සමතයකට පත්වූ ඇති බවයි වාර්තාවන්නේ.

ධම්මික බණ්ඩාර නැමැත්තා නිෂ්පාදනය කළ කොරෝනා මර්දනය සඳහා යැයි පවසන පැණිය ලබා ගැනීමට ඔහුගේ වරකපොල, උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි නිවසට ඉකුත් 12 වන දා රාත්‍රී පේරාදෙණිය මහ රෝහලේ දන්ත වෛද්‍යවරයෙකු, අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරයෙකු සහ පේරාදෙණිය මහ රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියන් දෙදෙනෙකු ගොස් තිබුණා.

එහිදී ධම්මික බණ්ඩාර නැමැත්තා එම වෛද්‍යවරුන් දෙදෙනාට හා හෙද නිලධාරිනියන් දෙදෙනාට මුදලට කොරෝනා පැණිය ලබා දී ඇත.

පසුව, වෛද්‍යවරුන් දෙදෙනා සහ හෙද නිලධාරිනියන් දෙදෙනා ධම්මික බණ්ඩාර නැමැත්තා සමග සුහදව කතා බහ කරමින් සිටින අවස්ථාවේ දී එක් වෛද්‍යවරයෙකු ධම්මික බණ්ඩාර නැමැත්තාගේ නිවස සිය ජංගම දුරකතනයෙන් රූපගත කර තිබුණු බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවේ දී ධම්මික බණ්ඩාර නැමැත්තා වෛද්‍යවරයාගේ දුරකතනය පැහැරගෙන පරීක්ෂා කර ඇති අතර එහි තිබුණු නිවසේ වීඩියෝ දර්ශන දැක උරණවී ජංගම දුරකතනය පොළවේ ගසා තිබෙනවා.

ඒත් සමග දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවත් එහිදී ධම්මික බණ්ඩාර නැමැත්තා අදාළ වෛද්‍යවරයාට පහරදී ඇති අතර පසුව වෛද්‍යවරු දෙදෙනා හා හෙද නිලධාරිනියන් දෙදෙනා ධම්මික බණ්ඩාර නැමැත්තාගේ නිවසින් පිටවී පේරාදෙණිය පොලිසියට සිද්ද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස පහර දුන්නේ තමා නොව කාලි ආරූඪ වීමෙන් බවයි ධම්මික බණ්ඩාර නැමැත්තා සඳහන් කර ඇත්තේ.

Related posts

ශ්‍රේණි කිහිපයක පාසල් පැවැත්වෙන වේලාවේ වෙනසක්

colombotoday

ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

colombotoday

අද ලංකාවේ සෑම මුස්ලිම් නිවසක්ම මල ගෙයක් වගේ වෙලා… ඒ තරම් වේදනයි – ඇමති බදියුදීන්

colombotoday

අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

Admin

හිඟය මකන්න මුඛ ආවරණ ලක්ෂ විස්සක් පිටරටින්

colombotoday

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

Admin