Colombo Today Local News

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ හුදකලා කෙරේ

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ ජින්නානගර් ප්‍රදේශයත් අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබුණි.

කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 228ක් හඳුනාගෙන තිබූ අතර ඊට අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු ද අයත් ය.

Related posts

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට

colombotoday

මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

colombotoday

පැලවත්තෙන් අලුත් ස්කාගාරයක්!

Admin

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගෙන් ජනපතිට සහතිකයක්

Admin

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

colombotoday

ලිට්ට්‍රෝ ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන ගනනක වංචාවකට අයතා පත්වීම්…

colombotoday