ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සියළු වගකීම් දැරීම සදහා ඇතිකිරීමට අවධානය යොමුව ඇති නව අමත්‍යධූර ලබා ගැනීම සදහා අමාත්‍ය චම්පික රණවක සහ ෆීල්ඩ්මාර්ෂල්, ඇමති සරත් ෆොන්සේකා අතර සීතල යුද්ධයක් ගිනියම් වෙමින් පවති.
මේ වන විට දෙදෙනාම තමන්ට හිතවත් වෙබ් අඩවි සහ පුවත්පත් උපයෝගී කරගෙන ජාතික ආරක්ෂාව පිළිබද නව ඇමතිධුරයට පත්වන්නේ තමන් යැයි පුවත් පලකර ඇත.
චම්පික රණවක ඇමතිවරයා අදාළ ඇමතිධුරය තමන්ට ලබාදෙන්නැයි ජනපතිවරයාට කන්නලව් කර ඇති අතර, අගමැතිවරයා හරහා අදළ ඇමති ධූරය තමන්ට ලබා ගැනීමට ෆොන්සේකා ඇමතිවරයා බලපෑම් කර ඇත. කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ වගකීම සේනාධිනායකවරයා වන ජනාධිතිධුරය යටතේ තවදුරටත් තබාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද තොරතුරු මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.