Colombo Today Local News

බියගම වගේ රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් කරනවා – ජනපති රනිල් කියයි

බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්ත කරණයක් සිදු කර ඉදිරි වසර 15-20 ඇතුලත රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයන වැඩපිළිවෙළ අරඹන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමඟ විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බවත් ඒ සමඟ එම සියලු ප්‍රදේශ වාණිජ නගර ලෙස ගොඩනැගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුනි.

එසේම තම තමන්ගේ දිස්ත්‍රික්ක සංවර්ධනය කිරීම වෙනුවෙන් ආයෝජන අවස්ථා ගෙන ඒමට ජනතා නියෝජිතයන්ගේ කැපවීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Related posts

එදා කැඳහැළියක් වූ යහපාලනය මීට වඩා හොඳට රට පාලනය කලා

colombotoday

මහා පරිමාණ වංචා දූෂණ කර රට පැන්නූ මුදල් ආපහු ගේන හැටි දූෂණ විරෝධී පනතේ නෑ – ජී .එල් පීරිස්

Admin

දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව සම්මත වෙයි

Admin

වෘත්තීය සමිති 40ක් අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Admin

“කොත්මළේ මහාසෑය භාරකාර මණ්ඩලයක් යටතට පවරා ගන්නවා“ – ඇමති නවීන්

colombotoday

මධුමාධව ඉවත් වුණේ අලි සබ්‍රි ගේ බලපෑමට !

colombotoday