Colombo Today Local News

වැල්ලම්පිටිය, සිංහපුර නාඳුනන පිරිමි මළ සිරුරක්

වැල්ලම්පිටිය, සිංහපුර නාන ළිඳ අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව තිබේ.

119 තොරතුරු මධ්‍යස්ථානයට ඊයේ (04) දහවල් කාලයේදී ලද තොරතුරක් මත වැල්ලම්පිට පොලීසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති අතර, වයස අවුරුදු 50ත් 55ත් අතර වයසේ පසුවන උස අඩි 05 අඟල් 03ක් පමණ වන, අවසන් වරට දම්පාට පසුබිමේ සුදු ඉරි සහිත අත්කොට කමිසයක් සහ මිශ්‍ර වර්ණයෙන් යුත් සරමක් හැඳ සිටි බව පොලීසිය පවසයි.

හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

colombotoday

ඇමති රිෂාඩ් යළි වැඩ අරඹයි

colombotoday

මැතිවරණයට පොහොට්ටුව සූදානම් – බන්දුල ගුණවර්ධන

Admin

බොරැල්ලේ ජය අනුරට

Admin

මෙවර යල කන්නයේ වී කිලෝවකට උපරිම මිලක්

colombotoday

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

colombotoday