World

සුඩානයේ කාර්ටුම් අගනුවරට ගුවන් ප්‍රහාරයක් – කුඩා දරුවන් ඇතුළු 20ක් මරුට

සුඩානයේ කාර්ටුම් අගනුවරට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, එරට හමුදාව විසින් කැරළිකරුවන් ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

සුඩාන හමුදා සහ පැරාමිලිටරි කැරලි බළකාය අතර පවතින ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 1100 කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව දළ වශයෙන් මිලියන 2.2ක ජනතාවක් සුඩානය තුළ අවතැන් වී ඇති අතර මිලියන භාගයකට වැඩි පිරිසක් අසල්වැසි රටවල රැඳි සිටී.

Related posts

ඇමරිකානු තානාපති කාර්යාලයක් වෛරසයට ගොදුරු වෙයි. – ආසාදිතයින් 114 ක්, අයෙක් මරුට

colombotoday

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ වීජා ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

colombotoday

ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක්…!!! – Live

colombotoday

යුවළක් අට මස් සිඟිත්තා විකුණා iPhone 14 එකක් අරන්

Admin

හමාස් ප්‍රාණ ඇපයේ සිටි දෙදෙනෙක් නිදහස් කරයි

Admin