ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තිබේ.
ඉන් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නිනෙව් ප්‍රදේශයේ උත්සව ශාලාවක ඇති වූ එම ගින්නට හේතුව ගිනිකෙළි සහ ඉටිපන්දම් වැනි දෑ බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
ඉරාක අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානි ගින්නෙන් විපතට පත් වූවන්ට සහය වන ලෙස සිය කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.