Colombo Today Local News

2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2023-7-31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපති නිශ්කාෂණය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා එලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

colombotoday

වසාදැමුණු මෙල්බන් නුවර හෙට සිට යළි විවෘතයි

colombotoday

බෝම්බ හදන ඩෙටනේටර් 7500ක් සමග උතුරේදී දෙන්නෙක් අල්ලයි

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජනයක් කියා Facebook පාලනයට දැඩි නීති ගෙනෙයි !

colombotoday

අවුරුදු සමයේ බීමත් රියැදුරන් 1834ක් අත්අඩංගුවට

colombotoday

අජිත් P පෙරේරා ජන්ද ගන්න තමන්ගේ ජාතකෙත් වෙනස් කරා – තෙවරප්පෙරුම

colombotoday