Colombo Today Sports News

2023 ක්‍රිකට් ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළත්ව සිටියි.

කෙසේ වෙතත් වනිඳුගේ සහභාගිත්වය ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ආබාධයන්ට ලක්ව සිටින මහීෂ් තීක්‍ෂණ සහ ඩිල්ෂාන් මධුසංඛ ද සංචිතයට ඇතුළත්ව සිටින අතර ඔවුන්ගේ සහභාගිත්වය ශාරීරික යෝග්‍යතාව මත තීරණය වන බව ක්‍රිකට් ආයතනය කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

දසුන් ශානක (නායක)
කුසල් මෙන්ඩිස් (උප නායක)
පැතුම් නිස්සංක
කුසල් ජනිත් පෙරේරා
චරිත් අසලංක
දිමුත් කරුණාරත්න
සදීර සමරවික්‍රම
වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාව මත)
දුනිත් වෙල්ලාලගේ, ධනංජය ද සිල්වා
මහීෂ් තීක්‍ෂණ (ශාරීරික යෝග්‍යතාව මත)
ඩිල්ෂාන් මධුසංඛ (ශාරීරික යෝග්‍යතාව මත)
ළහිරු කුමාර
කසුන් රාජිත සහ මතීෂ පතිරණ

අතිරේක ක්‍රීඩකයෝ:
චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්ත

Related posts

අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

colombotoday

ඔස්ට්‍රේලියාව – දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගයට වර්ෂාවෙන් බාධා

Admin

මුහම්මද් වසීම්ට ICC මැයි මාසයේ ක්‍රීඩක ගෞරවය

Admin

දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

colombotoday

LPL – පළමු තරගයේ ජය ඉසුරු උදාන කොළඹට ගෙනෙයි

colombotoday

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ දුෂණ විරෝධී නීති උල්ලංඝනය කල උමාර් අක්මාල් පුනරුප්ථාපනයට යොමු කරයි.

colombotoday