Colombo Today Local News

ඉන්දියාවේ අපරාධ රැසකට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් මෙරටදී අල්ලයි

ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමත්වී ඇති බව අද (22) දිනයේ පුවත්පතක් වාර්තා කර තිබේ.

ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා කිහිපයක් සහ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යව සිටි මෙම පුද්ගලයා ඉන්දීය ආරක්ෂක අංශ සහ ඉන්දීය අධිකරණයද මගහරිමින් සිට ඇත.

මෙම පුද්ගලයා මීට වසරකට පමණ පෙර බංග්ලාදේශයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගනිමින් වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරිකයෙක් ලෙස පෙනීසිටිමින් ඉතා රහසිගත ලෙස කටයුතු කර ඇති බවද එහි වැඩිදුරටත් වාර්තා වෙයි.

ඉන්දීය ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව දීර්ඝ කාලීනව සිදුකරන ලද විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඉන්දියාවට බාරදී තිබේ.

මොහු ශ්‍රී ලංකාවේ සිටි කාලයේදී සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ විසින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

එමෙන්ම මෙම පුද්ගලයා ඉන්දියාවේදී සිදුකළ ත්‍රස්ත ක්‍රියා පිළිබඳව සහ ඔහු සම්බන්ධ ත්‍රස්ත ජාලයන් හඳුනාගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමග ඒකාබද්ධ වෙමින් ඉහළ මට්ටමේ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව අදාළ පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

බීමත් ඉන්දීය ජාතිකයා බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

colombotoday

දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

Admin

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

colombotoday

ඇමරිකානු සහයෙන් රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ක්‍රමවේදය තවත් පුළුල් වෙයි

colombotoday

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

colombotoday

ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday