Colombo Today Local News

රු. කෝටියකට අධික හෂීෂ් තොගයක් ඔරුගොඩවත්තේදී රේගු භාරයට

බෙල්ජියමේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබූ පාර්සලයක රුපියල් එක් කෝටි හැට හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා හෂීෂ් තොගයක් ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේදී සොයා ගෙන තිබේ.

මෙම පාර්සලය හලාවත, වෙන්නප්පුව ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර එහි බර කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 098 කි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරන්නේ, එම ලිපිනය ව්‍යාජ එකක් බව පරීක්ෂණවලදී හෙළි වූ බවයි.

හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට භාර දුන් බව ද ඔහු වඩි දුරටත් සඳහන් කරයි.

Related posts

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

දකුණේ ජාතිවාදය අවුස්සන්න එපා.. මහ ඇමති වැරදිනම් නඩු දාන්න – ජාතික සංහිදියා ඇමති

colombotoday

රතු කුරුස සංවිධානයේ මහලේකම් සහ අගමැති අතර හමුවක්

colombotoday

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

colombotoday

ජාතික ලැයිස්තුව නොමැතිව කිරිඇල්ල අර්බුදයක

Admin

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පොලිසියට කොටු වෙයි

colombotoday