Colombo Today Local News

හැට්ටකටු ගිල රෝහල් ගත කර ඉද්දී පැන ගිය සැකකරු අල්ලයි

පහළොස් හැවිරිදි දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසියට කැඳවා සිටියදි පොලිස් චෝදනාගාරය අසලදී හැට්ට කටු දෙකක් ගිල රෝහල් ගත කිරීමෙන් පසු රත්නපුර රෝහලින් පලාගොස් සිටි සැකකරුවෙක් ගොඩකවෙල රිදීවිට ප්‍රදේශයේ වත්තක සැගව සිටියදි අද (20)දින අත්අඩංගුවට ගත් බව පොතුපිටිය පොලිසිය පවසයි.

හැට්ටකටු ගිලීම නිසා පොලිස් නිලධාරින් වහාම ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කළ සැකකරු සුළු මොහොතකින් රෝහලින් පලාගොස් සැගව සිටි බව පොලිසිය කියයි.

මෙම සැකකරු අතවරයට පත් දැරියගේ මවගේ අනියම් සැමියා බවත් ඔහු එම නිවසේ පදිංචිව සිටියදි අවස්තා කිහිපයකදිම දැරියට අතවර කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුගෙන් සිදුවන හිරිහැර ඉවසිය නොහැකිව ඇය ඉකුත් 6 දින ඇය නිවසින් පලා ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත.

Related posts

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday

සාක්ෂි පරස්පරයි… සයිටම් වෙඩිල්ල කුමන්ත්‍රණයක්ද.. පොලීසියට සැකයක් !!

colombotoday

දුමින්ද පිම්මකට සැරසෙයි.. ශ්‍රීලනිපයෙන් යන බව ජනපතිට දන්වයි !!

colombotoday

අගමැතිගෙන් ඇමරිකාවට සහතිකයක්

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

colombotoday

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday