නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ අද (20) උදෑසන භූකම්පනයක් සිදුව තිබේ.
එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණ වාර්තා වූ එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සඳහන් වී ඇත.
එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
නමුත් ඉන් කිසිදු හානියක් වාර්තා වී නොමැත.