Colombo Today Local News

බන්ධනාගාර‍යේ සිට දර්ශණපති උපාධියට (Mphil) සුදානම් වන බමුණුසිංහ.

වැලිකඩ බන්ධනාගාරයේ මරණීය දණ්ඩනයට නියමිත රැඳවියෙකු වන ඉන්දික බමුණුසිංහ නේවාසිකයා 2015 වර්ෂයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයෙන් ශ්‍රාස්ත්‍රවේදී උපාධිය (BA) ද, 2019 වර්ෂයේ දී කැළණිය විශ්වවිද්‍යාල‍යෙන් ශ්‍රාස්ත්‍රපති උපාධිය (MA) හිමිකර ගෙන තිබේ.

අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කරන්නේ, එහි උපාධි ප්‍රධා‍නොත්සවයන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) දී පැවැත්වූ අතර, එම අවස්ථාවට බන්ධනාගාර නිළධාරීන් භාර‍‍යේ සහභාගී වී උපාධි ලබා ගැනීමට හැකි වූ බවයි.

ඉන් නොනැවුතුනු ‍මොහු දර්ශනපති උපාධිය (Mphil) කැලණිය විශ්ව විද්‍යාලයේ හැදෑරීම සඳහා ඊට අදාල පිටු 308 කින් යුතු ශ්‍රී ලංකාවේ කල්ලි අපරාධවල නව ප්‍රවණතා පිළිබද අධ්‍යනයක් යන මාතෘකාව යට‍තේ පර්යේෂණ නිබන්ධනය 2023.08.28 වන දින වැලිකඩ බන්ධනාගාරය මගින් කැලණිය විශ්වවිද්‍යාලය වෙත භාර දීමට කටයුතු කල බව චන්දන ඒකනායක මහත පවසයි.

මෙවැනි දර්ශණපති උපාධියක් (Mphil) සඳහා බන්ධනාගාරක් තුළ සිට නිබන්ධනයක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම බන්ධනාගාරගත ‍නේවාසිකයා වීමද විශේෂත්වයකී.

මෙම ජයග්‍රහණයන් පිටුපස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරින් හා සුභසාධක අංශයේ නිලධාරීන්ගේ ඉමහත් සහයෝගය ද ලබා දී තිබේ.

Related posts

ජනාධිපතිවරණය 2019 කැදවයි.. ශ්‍රීලනිප අපේක්ෂකයා ජනපති මෛත්‍රීමයි.. විශ්‍රාම යන්නෑ කීවේ ඒකයි

colombotoday

පහරදීමෙන් පසු සිංහල සිසුන් ආපසු නොයයි.. යාපනය සරසවියේ විභාග, දේශන අඩාලයි !

colombotoday

සතොස වැඩබැලූ සාමන්‍යධිකාරීවරයකුට එරෙහි අල්ලස් නඩුවකට සාක්කි දෙන්න රවීට සිතාසි

colombotoday

ජිනීවා අධිකරණය පිහිටුවන්න විදෙස් විශේෂඥයෝ 4ක් කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ගොඩ බසී

colombotoday

ශ්‍රී පුර වෙඩිතැබීමකින් 26 හැවරිදි පුද්ගලයෙක් මරුට

Admin

සාස්තරකාරියට ලිංගික අතවර කර නිරුවත ගුරුකම් ප්‍රචාරයට යොදා ගත් ගුරුන්නාන්සේ දරුවෝ දෙන හැටි

colombotoday