Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අද(18)දින අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ආරම්භ වෙයි.

මෙවර එය පැවැත්වෙන්නේ, “ 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාවෙන් ය.

සමුළුව ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ලබන 21 වැනිදා සැසිවාරය ඇමතීමට නියමිතය.

ඊට සමගාමීව අද පැවැත්වෙන, තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වනු ඇති.

ඒ අතරතුර ජනාධිපතිවරයා, විදෙස් රාජ්‍ය නායකයින් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට ද ජනාධිපතිවරයා සහභාගී වන බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

රවීගේ මුදල් ඇමතිකම චම්පිකට !!

colombotoday

පාසල් සිසුවියන් 16 කට අතවර කළ ටියුශන් ගුරා අත්අඩංගුවට

Admin

පිටකොටුව දෙවන හරස් වීදියත් වැසෙයි

colombotoday

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

colombotoday

ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී තියුණු ආයුධ වලින් කපා සිටි අයෙක් මරුට

colombotoday

හිටපු IP ඝාතන සැකකරු STF සමග වෙඩි හුවමාරුවේදී මරුට

Admin