ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) මිලටම ඉන්ධන අළෙවි කිරීමට ලංකා ඉන්දියන් ඕයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) තීරණ්ය කර තිබේ.
ඒ අනුව අයි.ඕ.සී. සමාගම ද ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක් රුපියල් 361 කට, ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 417 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 341 කට සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 359 කට අළෙවි කරයි.