Colombo Today Local News

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි බස් රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ දී ගැටී අද (15)දින සිදු වූ අනතුරින් පාසල් සිසුන් 21 දෙනෙකු සහ ගුරැවරියක තුවාල ලබා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බව පාදුක්ක පොලිසිය පවසයි.

නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථ හයක් හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණික ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමට පැමිණෙන අතරතුර ඉදිරියෙන් පැමිණි බස් රථය වාහන තදබදයක් නිසාවෙන් තුන්නාන ප්‍රදේශයේ දී නැවැත් වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි බස් රථය ඉදිරියේ නවතා තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය කියයි.

අනතුරින් පසු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල සිසුන් 18 දෙනෙකුට සුලු තුවාල පමණක් සිදුව ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සදහා සිසුන් තිදෙනෙකු හෝමාගම මූලික රෝහල වෙත මාරැ කර යැවූ බවත් ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පාදුක්ක පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පාර්ලිමේන්තු ගුටි කෙළියේ සංස්කරණය නොකල සජීවී දර්ශන මෙන්න (VIDEO)

colombotoday

“උතුරේ තත්ත්වය ඉතා යහපත්.. හමුදාව යටතේ ඇති ඉඩම් තවදුරටත් බෙදා දෙනවා” – ආරක්ෂක ලේකම්

colombotoday

උතරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්.. “ශ්‍රී ලංකා මාතා“ මින් පසු නොගැයේ !

colombotoday

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

colombotoday

GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේ

colombotoday

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා බෑ

colombotoday