Colombo Today Local News

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට ජනපති එක්වෙයි

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ 78 වන සැසිවාරය පැවැත්වෙනු ඇති.

සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා සමුළුව පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වනදා සමුළුව ඇමතීමට නියමිත අතර මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි.

Related posts

බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය වෙත Breathalyzer උපකරණ කට්ටල 30,000 ක්

colombotoday

සමනලවැව ජලාශය මත සූර්ය බලාගාර 02කට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

Admin

රණවිරුවන්ගේ තුන්වැනි දරුවාට දුන් රුපියල් ලක්‍ෂය කප්පාදුයි!

colombotoday

අලුත්ම බෝම්බ 10ක් මුලතිව් පාලමක් යටින් හමුවෙයි…

colombotoday

මුදල් නි.ඇමති කියන විදියට වැඩ කරනු-මහ බැංකු අධිපතිට දන්වයි

Admin

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin