Colombo Today Local News

උඩවලවට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුව ගැන කමිටු වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමේදී ඇති වූ ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් පත් කළ විමර්ශන කමිටුවේ වාර්තාව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී තිබේ.

අමාත්‍යාංශ ලේකම් යූ. ඩි. සි ජයලාල් මහතා සඳහන් කරන්නේ, එම වාර්තාව මේ වනවිට අධ්‍යයනය සඳහා යොමු කර ඇති බවයි.

යල කන්නයේ කුඹුරු ඉඩම් සඳහා උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීමේදි පසුගිය දිනවල දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවිය.

ඒ, සමනල වැව ජලාශයෙන් උඩවලවට ජලය නිකුත් නොකිරීම හේතුවෙනි.

සති කිහිපයක් ජලය නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් වලව කලාපයේ ගොවිබිම් රැසකට බලපෑම් එල්ල විය.

ගොවීන්ගෙන් එල්ල වූ බලපෑම් මැද අනතුරුව සමනල වැවෙන් ජලය නිකුත් කළ ද ඒ වනවිටත් වලව ගොවිබිම් රැසක් හානියට පත් වී තිබුණි.

පැවති අර්බුදකාරි තත්ත්වයත් සමග විෂය භාර අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා විසින් ජලය නිකුත් කිරීමේ ගැටලුව පිළිබඳව විමර්ශනට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කළේ ය.

Related posts

පූනකරි වැවේ ස්ථාපනයට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතියට අනුමැතිය

Admin

සිරස විකාශන බලපත්‍රය අහෝසි යි? පාර්ලිමේන්තුව නොසන්සුන්

colombotoday

ඩයනට ගැහුවද? ඩයන ගැහුවද? හොයන්න කමිටුවක් පත් කරයි.

Admin

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

colombotoday

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ

Admin