Colombo Today Local News

මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්

‘ත්‍රස්තවාදයට එරෙහි’ පනත් කෙටුම්පතේ පිටපතක් ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.

එම පනත් කෙටුම්පතට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වෙයි.

‘ත්‍රස්තවාදයට එරෙහි’ පනත් කෙටුම්පත මීට පෙර 2023 මාර්තු 17 වැනි දින ගැසට් කරන ලද පනත් කෙටුම්පතේ සංශෝධිත පිටපතක් වෙයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මාර්තු මස නිකුත් කරන ලද පනත් කෙටුම්පත පිළිබඳ නිර්දේශ ලබා දී ඇති අතර සංශෝධිත පනත් කෙටුම්පතේ පිටපතක් ලැබුණු පසු එයට නිරීක්ෂණ හා නිර්දේශ ලබාදිය යුතු බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

සූදු ක්‍රීඩා කල සමගි ජන බලවේගයේ අපේක්ෂක ඇතුළු පිරිසක් රිමාන්ඩ්

colombotoday

මහනුවර ගැටුමට සැකපිට මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

රවී තීරණයක් ගනී… විදේශ ඇමති ධුරය සරත් අමුණුගමට ?

colombotoday

“පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි“ – එජාපය අධිකරණයට යයි

colombotoday

අර්ජුණ එජාප ගම්පහ දිස්ති‍්‍රක් නායකත්වයෙන් ඉවත් වෙයි

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday