Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථාව හදන්නෙත් පර සුද්දට ඕන විදිහට.. අත තියන්න එපා මේ රටට, ජාතියට.. අපි නිවට නෑ !

alle gunawansa nahimi1අපි නිවටයන් නොවන බවත් යුද්ධයක් යළි ඉල්ලනවා නම් යුද්ධ කරන්න කැමති බව, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ බුදු සසුන සහ ව්‍යවස්ථාව රටේ අනාගතය සහ 09 වන වගන්තිය නම් කෘතිය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයට එක් වෙමිනි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා පටන්ම සිදු කලේ බෞද්ධාගමට එරෙහි ක්‍රියාකාරකම් බවත් ජාතිවාදි ආගම්වාදි පනත් ගෙන එමින් ජාත්‍යන්තරය සතුටු කිරීමට වත්මන් පාලකයන් කටයුතු කරන බවටද උන්වහන්සේ චෝදනා කළේය .ජාත්‍යන්තර බලවේග බය නැතුවම රට තුළ සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමට උපදෙස් දෙන තත්වයකට රට පත් කර ඇති බවත්, මෙය ඉතා භයානක තත්වයක් බව ත්ව උන්වහන්සේ පෙන්වා දුන්නේය.

පිටරට සිටින පර සුද්දාට ඕනෑ විදියට රට කරගෙන යෑමට කටයුතු කරන ආණ්ඩුවට රටට ,ජාතියට ,ශාසනයට අත නොතබන ලෙසට අනතුරු අගවන බවත් පර සුද්දාට ඕනෑ දේවල් ඉටු කර දීමට තරම් අප නිවට ජාතියක් නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේය.

අපි ශිෂ්ඨ සම්පන්න ජාතියක් බවත්, දුටුගැමුණු රජු එළාරගේ සොහොන ළගින් යද්දි පවා තමාගේ සතුරා වුවත් එළාරට ගරු බුහුමන් කල බවත්, ලෝකයේ කිසිම ජාතියක් තමන්ගේ සතුරාට එසේ සලකා නැති බවත් උන්වහන්සේ පවසා සිටියහ.

https://youtu.be/0neaBpn-C8E?t=62

Related posts

ඉන්ධන මිල සංශෝධනය අද

Admin

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

අරගලයේදී නිවාස හානිවූ ඇමතිවරුන්ට වන්දි දෙනවානම් බස්වලටත් වන්දි ඉල්ලයි

Admin

ගංවතුරෙන් පසු වසංගත රෝග තත්ත්වයක්.. බේරෙන්නේ මෙහෙමයි

colombotoday

ආණ්ඩු හදන, පෙරලන බටහිර බලවේගයක් ගැන තොරතුරු හෙළිවෙයි… Facebook සමාගමටත් චෝදනාවක්

colombotoday

සපත්තුත් ගෙවීමේ ක්‍රමයට වෙළදපොලේ

colombotoday